brand logo

සුපිරි පළාත් එක්දින තරඟාවලිය : ගාල්ල සහ කොළඹ කණ්ඩායම් දෙකට සමශූරතාවලිය

11 April 2019

සුපිරි පළාත් එක්දින තරගාවලියේ අවසන් මහා තරගය විසදුමකින් තොරව අවසන්ව ඇත. තරගය පැවැත්වෙන රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇදහැළුනු අධික වර්ෂාව හේතුවෙන් තරගය අවසන් කිරීමට ක්‍රීඩා බලධාරීන් තීරණය කළේය. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 337ක් රැස්කර ගත්තේය. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 115ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 9ක් ද ඇතුළත් වේ. ඊට අමතරව වනිදු හසරංග ලකුණු 87ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, සීකුගේ ප්‍රසන්න සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
 

More News..