brand logo

සුපිරි පළාත් එක්දින තරගාවලියේ වැදගත් තරඟ දෙකක් ඇරඹෙයි

06 April 2019

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් වැදගත් තරඟ දෙකක් මේ වන විට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබේ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරඟය පැවැත්වෙන අතර, මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරඟය පැවැත් වේ. මෙම තරඟාවලියේ පළමු තරඟ දෙක ලසිත් මාලිංගයේ ගාල්ල කණ්ඩායම සහ චන්දිමාල්ගේ කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව මැතිව්ස්ගේ දඹුල්ල කණ්ඩායමට සහ දිමුත්ගේ මහනුවර කණ්ඩායමට මෙම තරඟය ඉතාමත් වැදගත් වනු ඇති. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගය සජීවීව පහතින් නරඹන්න... https://youtu.be/yccAjMQo21k
 

More News..