brand logo

සුපිරි පළාත් එක්දින තරගාවලියේ පළමු ශතකය ‌ශෙහාන් ජයසූරිය වාර්තා කරයි

06 April 2019

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම විසින් කඩුළු 6ක් දැවී ලකුණු 289 ක් රැස්කර ගෙන තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 289ක් රැස්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්ව තිබේ. කොළඹ කණ්ඩායම වෙනුවෙන් ශෙහාන් ජයසූරිය විශිෂ්ඨ පිතිහරඹයක නිරතව මෙම තරගාවලියේ ප්‍රථම ශතක වාර්තා කළේය. ශෙහාන් පන්දු 133කදී දැවැන් හයේ පහර දෙකක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 115ක් රැස්කළේය. ඊට අමතරව ඇන්ජලෝ පෙ‌රේරා ලකුණු 84ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී කසුන් රජිත කඩුළු දෙකක් දවාගත්තේය. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම ලකුණු 290ක් ලබාගත යුතු වේ.
 

More News..