brand logo

සුපිරි නළුවෙක් ලංකාව ගැන කළකිරීමෙන්

26 January 2022

ට්විටර් පණිවුඩයකින් පළකරයි 

ශ්‍රී ලංකාවේ වනඅලි මුහුණදී ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මධ්‍යයේ පළවූ වාර්තාවක් ට්විටර් පණිවුඩයක් ලෙස පළ කිරීමට ලොව ජනාදරයට පත්වූ හොලිවුඩ් නළුවෙක් කටයුතු කර තිබෙනවා. ඒ සුපිරි නළු, ලියෝනාර්ඩෝ ඩිකැප්‍රියෝ විසින්. අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ප්‍රදේශයේ වගුරු බිමක් පිරවීම සිදුකරන බවත් එම ස්ථානයට වනඅලි නිතර පැමිණෙන බවත් එම ලිපියෙන් දැක්වෙනවා. එහිදී එම ස්ථානයේ ගොඩගැසී ඇති ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් වනඅලි දෙදෙනෙක් පසුගිය සතියේ මියගොස් ඇති බවටයි එම වාර්තාවේ දැක්වෙන්නේ. එසේම අසල පිහිටි අශ්රොෆ් නගර්  ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ කසළ ආහාරයට ගැනීමට පැමිණෙන සද්ධන්තයින් තම ගමට නිතර පැමිණෙන බවත් එම සතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා තමන් විසින්ම පෞද්ගලික විදුලි වැටවල් නිවාස වටා සවිකරගෙන ඇති බවත් ය.
 

More News..