brand logo

සුපිරි තරුවල සමුගැනීමේ සාදය අහෝසියි?

23 July 2020

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021 වසර දක්වා කල් යාමත් සමගින් මේ වසරේ ක්‍රිකට් පිටියෙන් සමුගනිතැයි සඳහන් වූ සුපිරි ක්‍රීඩකයින් රැසක් නැවත වරක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී දැකගැනීමට හැකිවේද යන සැකය මේ වනවිට මතුව තිබේ. ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසයන්හිදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් සමගින් අදාළ ක්‍රීඩකයින් බහුතරයක් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබීම ඊට හේතුව විය.එසේ සමුගනිතැයි සඳහන් ක්‍රීඩකයින් ලැයිස්තුවට මහෙන්ද්‍රසිං දෝනි, ක්‍රිස් ගේල්, ලසිත් මාලිංග, ෂොයිබ් මලික්, මොහොමඞ් හෆීස්, ඩ්වේන් බ්‍රාවෝ, ෆෆ් ඩුප්ලෙසිස් ඇතුළු ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටියහ. ඒ අතරින් ක්‍රිස් ගේල් මේ වනවිට 40 වැනි වියේත්, මහේන්ද්‍රසිං දෝනි සහ මොහොමඩ් හෆීස් 39 වැනි වියේත්, ෂොයිබ් මලික් 38 වැනි වියෙත් පසුවන අතර ලසිත් මාලිංග, ඩුප්ලෙසිස් සහ ඩ්වේන් බ්‍රාවෝ 36 වැනි වියේත් පසුවේ.
 

More News..