brand logo

සුනිල්ගේ අසනීපේ දැන් සනීපයි

31 August 2021

දවස් 21කට පස්සේ සමාජ මාධ්‍යයට ගිය පණිවිඩය

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා සුවය ලබා නිවස වෙත ගොස් තිබේ.

කොවිඩ් ආසාදනයවීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වූ සුනිල් පෙරේරා මහතා පෞද්ගලික රෝහලක සති තුනකට අධික කාලයක් ප්‍රතිකාර ලබා තිබේ.

පසුගිය 10 වැනිදා රෝහල් ගත කළ ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද ඔහුගේ රසික රසිකාවියන් දැඩි විමසිල්ලෙන් බලා සිටීම හේතුවෙන් ඔහුගේ පවුලේ උදවිය විසින් සමාජ මාධ්‍යයට ඡායාරූපයක් ද එක්කර තිබිණි. එම ඡායාරූපය පහතින්...
 

More News..