brand logo

සුන්දර අධිවේගයේ ගාස්තු අයකිරීම්

15 January 2022

ගාස්තු ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට  අද (15) විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ ගාස්තු අයකිරීම් සිදුවෙන ආකාරය පහතින් දැක්වෙනවා. ඒ අනුව ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා  අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 100ක්. එහි උපරිම ගාස්තුව රුපියල් 250ක්. ඒ මීරිගමින් ඇතුළුවී කුරුණෑගලින් පිටවීමටයි. ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 250ක් අයකෙරෙනවා. ඇක්සල් දෙකේ රෝද හයේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 150ක්. මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන්වීමටත් මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 350ක් අය කෙරෙනවා. ඇක්සල් දෙකට වැඩි වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර රුපියල් 150ක ගාස්තුවක් අය කෙරෙන අතර එම වාහන සඳහා මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන්වීමටත් මීරිගමින් ආරම්භ වී යග්ගපිටියෙන් අවසන්වීමටත් රුපියල් 550ක ගාස්තුවක් අය කරනවා. ඊට අමතරව කුරුණෑගල සහ යග්ගපිටිය අතර ගාස්තුවක් අය කිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. මෙම ගාස්තු ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
 

More News..