brand logo

සුනඛයෙක් උසි ගන්වා පොලිස් නිලධාරියෙකුට තුවාල කළ අයෙක්ට වැඩ වරදී

09 April 2021

රාජකාරි කටයුත්තක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකුට නිවසේ සිටි සුනඛයෙකු උසි ගන්වා සපා කෑමට සළස්වා තුවාල කිරීමේ චෝදනා මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා ඊයේ(09) දින මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මිනුවන්ගොඩ පොලිසියට ලද පැමිණිල්ලකට අදාල සැකකරු පොලිසිය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු සුනඛයා පිටතට කැඳවා පොලිස් නිලධාරීන් පෙන්වා උසි ගන්වා ඇති බව අධිකරණයේ දී අනාවරණය වී ඇත. එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකුගේ කකුලක් සුනඛයා විසින් සපා කා ඇති අතර තුවාල ලැබූ කොස්තාපල්වරයා ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
 

More News..