brand logo

සුනඛයින් වද සැත්කම් කිරීමට රුපියල් කෝටි දහයක්

30 December 2019

ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලක්ෂ 30 (තිහකට) ආසන්න ප්‍රමාණයක් සිටින බව මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක එල්.ඩී.කිත්සිරි මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කලේ පසුගිය 26 වැනිදා රත්නපුර නගරයේ පැවැති “ජලභීතිකාවෙන් තොර හෙටක්” ජාතික ජලභීතිකා මර්දන වැඩටහනට එක් වෙමිනි. දින දෙකක් (26 සහ 27) පැවති මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශය සබරගමුව පලත් සභාව සහ රත්නපුර මහ නගර සභාව එක්ව සංවිධානය කර තිබිනි. මෙහීදී අදහස් දැක්වු වෛද්‍ය එල්.ඩී.කිත්සිරි මහතා සදහන් කලේ වාර්ෂිකව බැලලියන් 61000 (හැටඑක් දහසක්) පමණ වද සැත්කමට ලක් කර ඇති බවය. ඒ සදහා මෙම වර්ෂයේ රුපියල් ලක්ෂ 1000 (දහසක්) පමණ වැය වී ඇතැයි හෙතම පැවසීය. මේ වසරේදී බල්ලන් සපා කැමට ලක වු මිනිසූන් දෙලක්ෂ පනස්දහසකට ජලභිතිකා එන්නත ලබා දීම සදහා රුපියල් ලක්ෂ 3500(තුන්දාස් පනසියක්) පමණ මුදලක් වැය වු බව වෛද්‍ය එල්.ඩී කිත්සිරි මහතා මෙහිදී පැවසීය. ජලභීතිකා රෝගය වලක්වා ගැනීම සදහා බල්ලන් ලක්ෂ 12 (දොලහකට) රුපියල් ලක්ෂ 500 (පන්සියයක්)පමණ මුදලක් මෙම වර්ෂය සදහා වැයවූ බවද හෙතම පැවසීය. ජලභීතිකා රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව මෙම වර්ෂයේදී විසි හයක් පමණ වූ බව එ මහතා පැවසීය. වැඩිම බලු ගහනයක් ඇති පළාත බස්නාහිර පළාත් වන අතර,අඩුම බලුගහනයක් ඇති පළාත වනුයේ නැගෙනහිර පළාතය. මෙහිදී අදහස් දැක් වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ, අයාලේ යන අත්හල,ආබාදිත සහ විවිද රෝග වලට ගොදුරු වී සිටින සුනඛයින් සදහා රැකවරණ මධ්‍යස්ථානයක් සබරගමුව පලාත තුල ඇති කිරීමට කටයුතු කරන බවය. එය ජලභීතිකා එන්නත සදහා වැයකරන අතිමහත් ධනස්කන්දය රැක ගැනීමට රුකුලක් වනවා සේම,මානවයා සමග වනාන්තරයෙන් එකට පැමිණ ජනවාසවල වෙසෙන සුනකයින් සදහා කරන කෘතගුණ සැලකිමක් ද වන බව පළාත් ආණ්ඩුකරවරයා වැඩිදුරටත් සදහන් කලේය. මේ සදහා රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක,පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර මහතාද මීට එක් වීය.
 

More News..