brand logo

සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුට වදී

27 February 2021

  ජලභීතිකාව වැලඳුන සුනඛයෙකු වෙත දකුණු කළුතර පොලිස් ස්ථානයේ නිලධාරියෙකු විසින් එල්ල කළ වෙඩි පහරක් වැරදි ගොස් පුද්ගලයෙකුට තුවාල සිදුව ඇති බව වාර්තාවේ. එම සුනඛයා ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු පමණ සපා කා ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී ඇත. අදාළ සිදුවීම අද (27) උදෑසන 10.30ට පමණ සිදුව ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් සුනඛයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාකරු සඳහන් කරනවා. අනතුරුව ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙකුට ද වෙඩි පහර එල්ල වීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. දකුණු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
 

More News..