brand logo

සුදෝ සුදු දත් දෙපොළක් හදා ගන්න ගිහින් තියෙන දත් ටිකත් හලා ගන්න එපා!

27 May 2021

දත් සුදුකරන අධි රසායන සංයෝග දත් මරයි

සුදෝ සුදු දත් දෙපළක හිමි කාරීත්ව ලබා ගැනීමට අද බොහෝ මිනිසුන්  පෙලඹී ඇත. මීට අදාල උපකරණ අද අන්තර්ජාලය හරහාද විකුණනු ලැබේ.

දන්ත සායනයකට නොගොස් නිවසෙදීම සුදෝසුදු දත් දෙපෙලක් සකස්කර ගැනීමට උපයෝගී කරගත හැකි අන්තර්ජාලය හරහා මිලදී ගැත හැකි උපාංග කට්ටලයක් පිළිබඳ මේ වන විට මහත් ආන්දෝලනයක් ඇති වී ඇත.

මෙම උපාංග කට්ටලයට ඇතුළත් දත් සුදුකෙරෙන රසායනය මගින් සුදෝ සුදු දත් දෙපළක් ලැබීම කෙසේ වෙතත් අදාල රසායන මගින් විදුරුමස පිළිස්සී, තිබෙන දත් ටිකත් අහිමිවීමේ අවදානමක් ඇති බව පරීක්‍ෂණයක් මගින් හෙළිදරව් වී ඇත. දත් සුදු කිරීමට සකස් කරනු ලැබ ඇති එම රසායනයෙහි අන්තර්ගත හයිඩ්‍රජන් පැරොක්සයිඩ් ප්‍රමාණය නියමිත මට්ටමට වඩා තුන්සිය ගුණයකටත් වඩා වැඩිබව ' 'විච්' (Which) නමැති පාරිභෝගික සංවිධානය කියයි. ඒ අනුව එම නිෂ්පාදන සියල්ල 'අලිඑක්ස්ප්‍රස්'(AliExpress) 'ඇමසන්'(Amazon) සහ 'ඊබේ'(eBay) ඇතුළු අන්තර්ජාල අලෙවිකරණ අඩවි මගින් ඉවත් කරනු ලැබ ඇත. [caption id="attachment_147436" align="alignnone" width="611"] 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' අධික නිෂ්පාදනයක් මස් කැබැල්ලක ආලේප කර මිනිත්තු තිහකට පසු[/caption]

 භාණ්ඩ අලෙවියේ දී භාණ්ඩයක අන්තර්ගත 'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' ප්‍රමාණය 0.1% කට වැඩි නොවිය යුතුයැයි මහා බ්‍රිතන්‍යයේ නිර්දේශයක් ඇත.  පෙර කී භාණ්ඩයේ   'හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' අන්තර්ගතය 30.7%ක් වැනි අධි මට්ටමක් සහිත  වේ.

''හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' පිළිබඳ අනතුරු අඟවන බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍යවරුන්ගේ සම්මේලනයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය පෝල් වුඩ්හවුස් (Dr Paul Woodhouse) මෙසේ කියනවා. ''හයිඩ්‍රජන් පැරොක්සයිඩ්' ඉතාම ප්‍රබල රසායනයක්. එය වැරදි ආකාරයට පාවිච්චි නොකළ යුතුයි. එම රසායනය පාවිච්චියට ගතයුතු ආකාරය සම්බන්ධයෙන් දන්ත වෛද්‍යවරුන්ට පුහුණුවක් ලබා දෙනවා. ඒ අනුව දන්ත වෛද්‍යවරු දන්නවා- දත් සුදුකෙරෙන නිෂ්පාදන ගැන. දත්වලට සහ විදුරුමසට හානියක් නොවී ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියල ඔවුන් දන්නවා'' [caption id="attachment_147437" align="alignnone" width="452"] වෛද්‍ය පෝල් වුඩ්හවුස්[/caption]

''ඔබගේ විදුරුමස විනාශ කර ගත්තොත් ඔබට එය කවදාවත් නැවත ලබාගන්න බැහැ.ඒ සමඟ ඔබට ඔබේ දත්ටිකත් අහිමි වෙනවා. රසායන වැරදි ආකාරයට පාවිච්චි කළොත් ඒවා දත් විනිවිද ගිහින් දතේ මරණය උදා කරනවා''

අදාල භාණ්ඩ නිෂ්පාදනය කරන ලද 'ඕරල් ඔර්තොඩොන්ටික් (Oral Orthodontic Materials Store) සමාගම ''තමන් අතින් සිදුවූ වැරැද්ද හෙළිවූ වහාම එය නිවැරැදි කරන ලද බව පවසමින්  ''එකී සියලු නිෂ්පාදන අලෙවියෙන් ඉවත්කර ගත්'' බව  නිවේදනයක්  නිකුත් කරමින් කියා ඇත.

දත් සුදුකර ගැනීම පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු සහ උපදෙස්

  • දත් සුදුකර ගත්තත් එය ස්ථිරසාර නැත. එම සුද පවතින්නේ මාස කීපයක් හෝ අවුරුදු කීපයක් පමණි.
  • සාධාරණ වූ වෛද්‍යමය උපදෙස් ඇත්නම්, එය පිළිගත් දන්ත වෛද්‍යවරයකුගේ සායනයකදී සිදුකරගත හැකිය.
  • දන්ත සායන පිළිබඳව අතිරේක කුසලතා සහිත මහජන ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන්නන්ට සහ චිකිත්සකයන්ට දන්ත වෛද්‍යවරයකුගේ උපදෙස් සහිත වට්ටෝරුවක් යටතේ දත් සුදුකරනු ලැබීම සිදුකළ හැකිය.(ඇතැම් රූපලාවන්‍ය ආයතනවලට දත් සුදුකිරීමට අවස්ථාව ලැබෙයි. එහෙත් දන්ත කටයුතු පිළිබඳ පුහුණුව සහිත වෘත්තිකයකු නොමැතිව එය සිදුකිරීමට අවසර නොලැබෙයි.)
මූලාර්ශ්‍ර - බී .බී.සී.
 

More News..