brand logo

සුදු වෑන් සිද්ධියේ රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

16 December 2019

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. මෙහිදී මහේස්ත්‍රාත්වරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රහස් පොලිසිය සඳහන් කර සිටියේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම සැකකරුවන් සිදුකල ප්‍රකාශ නිවරදි නොවන බවට කරුණු අනාවරණය වී ඇති බවයි. ඒ අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවත් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. මෙලෙස බන්ධනාගාර ගතකරඇත්තේ අතුල සංජීව මදනායක සහ සරත් කුමාර යන අයයි.
 

More News..