brand logo

" සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා " නඩුව යළි කැඳවීමට දින නියම කරයි

02 March 2021

  ඉකුත් ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්චාවක් වූ "සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව" සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව අප්‍රේල් මස 28 වනදා නැවත කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. එම මාධ්‍ය සාකච්චාව පවත්වා ඒ වනවිට අපේක්ෂකත්වයේ සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් කළේයයි චෝදනා කරමින් රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි ට එරෙහිව නඩුව ගොනුකර ඇත. අද (02) දින එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කඳවු අතර රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ දන්වා සිටියේ පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු ලේඛන ලබාදීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ය. ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නැවත අප්‍රේල් මස 28 වනදා කැඳවීමට නියම කර තිබේ.
 

More News..