brand logo

සුදු කොටි පැටවුන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගිහින්

14 February 2021

    පසුගිය ජනවාරි මාසයේ පකිස්ථාන සත්වෝද්‍යානයකදී මියගිය සුදු කොටි පැටවුන් දෙදෙනා කොවිඩ් ආසදිතව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ලාහෝර් සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කර තිබෙන ආකාරයට Feline panleukopenia වෛරසය සඳහා ප්‍රතිකාර ආරම්භ කර දින 04කට පසු සුදු කොටි පැටවුන් දෙදෙනා මිය ගොස් තිබෙන බව පැවසෙනවා. සති 11ක් වයසැති එම සතුන් දෙදෙනාගේ පෙනහළුවලට බරපතල හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ලාහෝර් සත්වෝද්‍යාන නිලධාරීන් PCR පරීක්ෂණයකට යොමුකර ඇති අතර එහිදී සේවකයන් 06ක් කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනුණ අතර ඒම සුදු කොටි පැටවුන් පෝෂණය කළ පුද්ගලයාද කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබේ. සුදු කොටින් අතිශයින් දුර්ලභ වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , සුදු කොටි පැටවුන් දෙදෙනා මියයාමේ සිද්ධිය ලාහෝර් සත්වෝද්‍යාන කළමනාකාරිත්වයේ සහ බලධාරීන්ගේ නොසැලකිල්ල පෙන්වන්නක් බවයි.
 

More News..