brand logo

සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයේ වැඩ අරඹයි

27 November 2020

මෙරට 35වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා අද (27) පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කර තිබේ. 2019 අප්‍රේල් 28 වැනිදා සිට වසරකට අධික කාලයක් වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළ වික්‍රමරත්න මහතාගේ නම පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා ලෙස නිර්දේශ කර තිබූ අතර එය පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබුණි. සී.ඩී වික්‍රමරත්න මහතා 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්ව තිබේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරයෙකි. මීට අමතරව සී.ඩී වික්‍රමරත්න මහතා බැට්ෆොර්ට් විශ්වවිද්‍යාලයෙන් සහ හාර්වඩ් විශ්වවිද්‍යලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.
 

More News..