brand logo

සීය පැන්න 555 ක් රටපුරා - වයස්ගතම කාන්තාවට 116 යි

04 January 2020

ලංකාව පුරා අවුරුදු සියය ඉක්මවූ පුද්ගලයන් පන්සිය පනස්පස් දෙනකු (555) සිටින බව වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසයි. ඉන් වැඩිම පිරිසක් දකුණු පළාතේ සිටින බවත්, එම සංඛ්‍යාව 117 ක් බවත් එහි අධ්‍යක්ෂ සමන් උඩවත්ත පැවසීය. එසේ අවුරුදු සියය ඉක්මවූ වැඩිම පිරිසක් ජීවත් වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ වන අතර එම පිරිස 49 කි. දැනට ලංකාවේ වයස්ගතම පුද්ගලයා වන අවුරුදු 116 ක් වයසැති කළුතර දොඩංගොඩ කාන්තාවකි. ඊළඟට වයසැති පුද්ගලයාට අවුරුදු 112 ක් වන අතර ඔහු ගම්පහ දොම්පේ ප්‍රදේශයේ ජීවත් වේ. මෙම පිරිසෙන් 400 දෙනකුටම රජයෙන් ලබාදෙන වැඩිහිටි ආධාර මුදල ලබාදෙන බව අධ්‍යක්ෂ ජනරාල් සමන් උඩවත්ත සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..