brand logo

සීනුව නාද කරලා ඇන්ඩෲ රසල් ගහපු කසපහර 17

28 March 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගය ලකුණු 28කින් ජය ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 218ක් රැස්කර ගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වුන ඇන්ඩෲ රසල් පන්දු 17කදී දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 48ක් රැස්කර ගැනීමට සමත් විය. ඉන් අනතුරු පිටියට පැමිණි කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 190ක් පමණියි. ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 28ක ජයක් හිමිවිය.

ඇන්ඩෲ රසල්ගේ ගැහිල්ල මෙතනින් බලන්න

 

More News..