brand logo

සීනි සහිත පැණිබීම සඳහා යළි බද්දක්

03 July 2019

සීනි සහිත පැණිබීම සඳහා යළි බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වී ඇත. සීනි රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වීම වළක්වා ගැනීමේ අරමුණින් සීනි සහිත පැණිබීම සඳහා බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. සීනි සහිත පැණිබීම සඳහා පනවා තිබූ බදු දින 52 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ දී ඉවත් කිරීමට එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණු මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබූ බව පෙන්වා දෙන අතර යළි බදු පැනවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එයට අනුමැතිය ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සති දෙකක කාලයක් ඉල්ලා තිබෙන අතර ඒ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී ඊයේ (02) සාකච්ඡා කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ බදු ඉවත් කිරීම තුලින් සීනි රහිත පැණිබීම වෙළෙදපොලෙන් ඉවත්වන බව හා බෝනොවන රෝග පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවය. තව ද සීනි ග්‍රෑම් 6 ක් අඩංගු පළතුරු බීම සඳහා බදු පැනවීමෙන් තොරව කටයුතු කිරීමටත් අනෙකුත් සාමාන්‍ය පැණිබීම සඳහා බදු පැනවිමටත් මෙහිදී තීරණය කර ඇත.
 

More News..