brand logo

සීතාගේ කුඩේ ගත්තේ කවුද?

04 October 2020

මේ අතර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල ද පසුගිය සතියේ ‘කැපී පෙනෙන චරිතයක්’ ව සිටියා ය. ඒ ඇය ‘කුඩයක් , විදුලි පහනක් සහ තවත් දේවල් කිහිපයක් ලබා දෙන ලෙස ඉල්ලමින්’ යොමුකරන ලද ලිපියක් නිසා ය. මේ ලිපිය ගැන විවේචන කර තිබුණේ විශේෂඥ වෛද්‍යවරයෙක්ද වන අරඹේපොළට කුඩයක්වත් ගන්න බැරිදැයි යනුවෙනි. කෙසේ නමුදු ඇමැතිවරිය වෙනුවෙන් මෙම ලිපිය යොමුකර තිබුණේ ඇගේ පෞද්ගලික ලේකම්වරයාය. එසේ නොමැතිව මෙම ලිපියට ඇගේ සම්බන්ධයක් නැති බව සඳහන්ය. සමගි ජනබලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක්, පසුගිය සතියේ එක්තරා සවසක මන්ත්‍රීවරයෙකුගේම නිවසක මුණ ගැසුණු අතර ඔවුහු ද මෙම ලිපිය සම්බන්ධයෙන් ‘දීර්ඝ සාකච්ඡාවක’ නිරත වී සිටියහ. සමහරු සිනාසෙමින් අසා සිටියේ සීතාගේ කුඩේ ගත්තේ කවුදැයි යනුවෙනි. ‘‘මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි... කුඩේ යටින් ඔබ යන විට එපා තනිය දැනෙන්න...!’‘ එතැන සිටි කටකාරම මන්ත්‍රීවරයා කීවේ, අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක් ද අනුකරණය කරමිනි.   -සමර-  
 

More News..