brand logo

සීටීබී එකට රියැදුරන් හා කොන්දොස්තරවරුන් 800 ක සංචිතයක්

15 February 2020

බස් රථ සහ රියැදුරු සංචිතයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් වෙයි. ඒ සඳහා පළමු අදියර යටතේ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු 800 ක් කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට මණ්ඩලය තීරණය කර ඇත. දිවයින පුරා ඩිපෝ 107 ක් ස්ථාපිත කර ඇති අතර දෛනිකව බස් රථ 800 ක් ධාවනය නොවන බව මණ්ඩලය කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. තවද ටිකට්පත් වංචා කිරීම හේතුවෙන් කොන්දොස්තරවරු දස දෙනකු පමණ මාස් පතා සේවයෙන් ඉවත කරති. ඇතැම් රියැදුරන් වෙනත් කාර්යයන් සඳහා යොදවා ඇති අතර ඔවුන්ද සාමාන්‍ය රාජකාරි සඳහා යොමු කළ යුතුව ඇති බව මණ්ඩලයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක පවසයි. පළමු අදියරේ බඳවා ගැනීම්වලින් පසු සංචිතය සඳහා තවත් බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරු 1000 ක් බඳවා ගැනීමට නියමිතය. උදයජීව ඒකනායක
 

More News..