brand logo

සීගිරිය අද සහ හෙට නොමිලේ නැරඹීමට අවස්ථාව

18 May 2019

වෙසක් පෝය නිමිත්තෙන් අද (18) සහ හෙට (19) සීගිරිය නැරඹීමට නොමිලේ අවස්ථාව ලබාදීමට කටයුතු සළසා ඇත. නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. පෙ.ව.9.00 සිට ප.ව.5.00 අතර කාලය තුළ සීගිරිය නැරබීමට අවස්ථාව උදා වෙයි. මීට අමතව දිනපතා පුරාවිද්‍යා ප්‍රදර්ශන, කැණීම් සහ සංරක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන්,විශේෂ දේශන සහ බෙලි මල් දන්සල මෙම දින පුරා ක්‍රියාත්මක වන බව නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
 

More News..