brand logo

සීගිරියට පොලිතීන් තහනම්

30 January 2019

සීගිරිය දිය අඟල ඇතුළත කලාපය පෙබරවාරි මස 01 වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 01 වනදා සිට එම ප්‍රදේශයට පිසින ලද ආහාර වර්ග, කෙටි ආහාර වර්ග රැගෙනයාම දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට තහනම් වනවා. නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ. එම ආහාර ද්‍රව්‍ය රැගෙනයාමට අවසර ලබා දෙන්නේ පිටතින් ඇති පොලිතීන් ආවරණය ඉවත් කිරිමෙන් පසුව බව සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් එම්.එම් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ.
 

More News..