brand logo

සිසේරියන් සැත්කම් ප්‍රතිශතය 40% පනී

01 June 2019

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට අනුව සිසේරියන් සැත්කම්වල අගය වාර්ෂිකව සියයට විස්සකට අඩු මට්ටමක් දක්වා පැවැතිය යුතු වුවත් මෙරට එම ප්‍රමාණය සියයට හතළිහක් පනහක් පමණ වන බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරු පවසති. ලෝකයේ දියුණු රටවල් වන එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවල සිසේරියන් සැත්කම් ප්‍රතිශතය සියයට විස්සක මට්ටමේ පවතියි. එම රටවල් පළමු දරු උපත හා දෙවන දරු උපත සාමාන්‍ය දරු උපතක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරයි. එහෙත් මෙරට පළමු දරු උපතේ සිට සිසේරියන් සැත්කම මගින් කටයුතු කරන අතර එය ප්‍රවර්ධනය කිරීමට ඇතැම් පෞද්ගලික ආයතන හා රක්ෂණ ආයතන මුදල් දීමනා ලබාදීම සඳහා එම තත්ත්වය එන්න එන්න වැඩිවී ඇත. ඊට අමතරව දරු ප්‍රසූතියේදී ඇති වේදනාවට පිළියමක් ලෙස සිසේරියන් සැත්කමට යොමු වන අයද සිටින බව විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති. සාමාන්‍ය දරු උපතකින් පසු ලිංගික ක්‍රියාවලියේදී බලපෑම් ඇති වන බවට වූ දුර්මතයද සිසේරියන් සැත්කම් වැඩි වීම සඳහා බලපා ඇතැයි පැවසේ. සුගන්ධි බස්නායක
 

More News..