brand logo

සිසු සිසුවියන් 194,297කට සරසවි වරම්

04 May 2021

අද පස්වරුවේ නිකුත් වූ 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථපල වලට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 194,297දෙනෙකු සරසවි වරම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රතිශතයක් ලෙස සියයට 64.39ක් බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සමස්ත සිසු සිසුවියන් සංඛ්‍යාව 301,771කි. ඉන් විභාග අපේක්ෂකයින් 86දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට කටයුතු කර ඇත. ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සපයන බවත් ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..