brand logo

සිසුවියන් 160ක් විශේෂ විභාග ශාලාවකට

19 October 2020

ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලක කොවිඩ් අසාදිත සිසුවියක් හමුවීමෙන් එම විදුහලේ විභාග ශාලාවේ සිටි සිසුවියන් 160ක පිරිසක් විශේෂ ශාලාවක අද (19) සිට විභාගයට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් තරණය කර ඇත. කොවිඩ් අසාදිත සිසුවිය මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ඇඟලුම් කම්හලට නුදුරු ප්‍රදේශයක පදිංචි වී සිට ඇති අතර පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කල පසු කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත. අනතුරුව සෞඛ්‍ය අංශ මගින් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කලාප අධ්‍යාපන කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. එම නිසා සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාවේ සිටි සිසුවියන් වෙනුවෙන් මෙලෙස වෙනත් විභාග මධ්‍යස්ථානයක් ලබා දී ඇත. මේ බව ගම්පහ කලාපය බාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි මහතා සඳහන් කරනු ලැබුවා. එමෙන්ම අසාදිත බවට තහවුරු කර ගත් සිසුවියට අයි.ඩී.එච්.රෝහලේ සිට උසස් පෙළ ඉතිරි විෂයයන් සඳහා පෙනී සිටීමට අවස්ථාව සලසා දී ඇත. අසාදිත සිසුවිය විභාගයට පෙනී සිටි ශාලාව විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති අතර එහි සිටි සෙසු සිසුවියන් 160 දෙනා ඇතුළු කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට ලක් කරන බවත් සිසුවියන් හට එම විශේෂ විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටිමට අවස්ථාව සලසා දෙන බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කරනවා.
 

More News..