brand logo

සිසුවියකගේ ඡායාරූප නිරුවත් කොට ගුරුවරියකට වට්සැප් කරලා

26 November 2020

පාසලක උසස් අධ්‍යාපනය හදාරන සිසුවියකගේ ඡායාරූප, නිරුවත් ඡායාරූප වලට යොදා සංස්කරණය කර අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ යැවූ තරුණයෙකු දඹුල්ල පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. මහියංගණය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට වයස අවුරුදු 20 ක දඹුල්ල ප්‍රදේශයේ පාසලක උසස් අධ්‍යාපනය හදාරණ සිසුවියක ඉදිරිපත් කල පැමිණිල්ලකට අනුව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. සිසුවියගේ මිතුරිය තරුණයකු සමඟ සබඳකමක් පවත්වා ඇති බවත් පසුව එම තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමත් සමග ඇය ඔහුගේ දුරකථන අංකය විසන්දි කර දමා තිබුණු බවත් ඇය සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇත. පසුව පැමිණිලිකාර සිසුවියට අදාල තරුණයා ඇමතුම් කිහිපයක් ලබාගෙන අවස්ථා කිහිපයකදීම තම මිතුරිය සම්බන්ධ කර දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ තරුණයා තමන්ගේ මුහුණු පොතේ ඇති ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප වලට සම්බන්ධ කොට  මුහුණු පොතට දමන බවට තර්ජනය කළේ යැයි පැමිණිල්ලේ සඳහන්ව තිබේ. පසුව තමන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූප වලට බද්ධකොට ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට වට්සැප් මාර්ගයෙන් එවා ඇතැයි ඇය පොලිසියට පැමිණිලි කොට තිබිණි. දඹුල්ල පොලීසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 

More News..