brand logo

සිසුවාට වෙඩි තැබූ වෛද්‍යවරයා බන්ධනාගාරයට

23 November 2020

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබීමේ සිදුවීමට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා දෙසැම්බර් මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මහරගම පොලීසිය විසින් අද (23) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරු ඉදිරිපත් කළ අතර, එහිදී මහෙසේත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත. සිදුවීමට මුහුණ දුන් සිසුවා ඊයේ (22) සවස තවත් සිසුන් කිහිපදෙනෙකු සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව විදුහල අසළ නිවසකට ගොස් ඇති අතර, එය ගැනීමට යාමේදී අදාළ නිවසේ සිටි වෛද්‍යවරයෙකු විසින් දරුවන්ට තදින් බැණවැදී තිබේ. අනතුරුව දෙපාර්ශවයෙන්ම ඇති වු බහින් බස්වීම දුරදිග යෑමෙන් අනතුරුව වෛද්‍යවරය විසින් වායු රයිෆලයික්න එම දරුවාට වෙඩි තබා ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දරුවා ඔහුගේ සහෝදරයා ඇතුළු තවත් සිසුන් පිරිසක් විසින් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. සිසුවාට වෙඩි තැබූ පුද්ගලයා මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වේ.
 

More News..