brand logo

සිසුන් 35 සීමාව ඉවතට පළමු ශ්‍රේණියට සිසුන් 40ක්

11 January 2020

පාසල් පන්ති කාමරයක සිටින සිසුන්ගේ සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. පසුගිය රජය විසින් පාසල් පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35කට සීමා කරන ලදී. නමුත් පන්ති කාමරයක සිටිය යුතු සිසුන්ගේ සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිසුන්ට පාසල් නොලැබීමේ තත්ත්වය අවම කිරීමේ අරමුණිනි. මීට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් කර ඇති අතර, ඊට අනුමැතියද ලැබී ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ පන්ති කාමරයක සිටින ගුරුවරයාට අමතරව තවත් සහායක ගුරුවරයකුද අනුයුක්ත කිරීමට නියමිතය. ඒ සඳහා රජය ගුරු සහායකයන් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. පළමු අදියරේදී ප්‍රාථමික අංශයේ පන්ති කාමර සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. පන්ති කාමරයක සිටිය යුතු පාසල් සිසුන්ගේ සංඛ්‍යාව 35 දක්වා අවම කිරීමේ නියෝගය නිකුත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. නව අමාත්‍ය මණ්ඩල තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී අවසර ලබාගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. උදයජීව ඒකනායක
 

More News..