brand logo

සිසුන් පැහැර ගන්නා සේ පෙන්වා කප්පම් ගන්නා ජාවාරමක්

30 July 2020

මහා පරිමාණයේ කප්පම් ලබාගැනීම සඳහා සිසුන් පැහැරගන්නා සේ පෙන්වන දර්ශන සහිත වීඩියෝපට එම සිසුන්ගේ පවුල්වල නෑදෑයන්ට යවනා ජාවාරමක් හෙළි වී ඇත. මෙම පැහැරගැනීම් සබෑ ලෙසම සිදු වී නැති අතර සිසුන්ට තර්ජනය කොට ඔවුන් පැහැර ගැනීමකට ලක්ව සිටින ආකාරයට පෙනී සිටින ලෙස උපදෙස් දෙමින් ඔවුන් ඇතුළත් දර්ශන සහිත වීඩියෝපට එම සිසුන්ගේ පවුල්වල නෑදෑයන්ට යවමින් මුදල් ඉල්ලා සිටීම කප්පම් කරුවන්ගේ උපක්‍රමය වී ඇත. ජාවාරම්කරුවන්ගේ ගොදුරුබවට පත්වූ සිසුන් තමන් හෝ තම පවුල්වල අය අනතුරට ලක් වේයැයි ඇති වූ බිය මත කප්පම් කරුවන්ගේ උපක්‍රමයට උදවු වී ඇත. මෙබදු පුද්ගල පැහැරගැනීම් අටක් මේ වසර තුළ වාර්තා වී ඇති අතර එම එක් පැහැරගැනීමක් නිරාකරණය කර ගැනීමට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන දෙකක් කප්පම් වශයෙන් ගෙවා ඇති බවද වාර්ථා වේ. චීන සිසුන් ඉලක්ක කරගෙන සිදුවන මෙම ජාවාරම සිඩ්නි නගරයේ බහුලව සිදු වන බව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසයි.
 

More News..