brand logo

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙන්නවත්ත කඳවුර හුදෙකලා කරයි

20 November 2020

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැල්ලම්පිටිය වෙන්නවත්ත කදවුර සහ කටුනායක කාර්යාලයක් හුදෙකලා කර තිබේ. රියැදුරෙකු ලෙස සේවය කරන සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග වෙන්නවත්ත කදවුර හුදෙකලා කළ බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ හේතුවෙන් එම කදවුරේ සෙබළුන් 70ක් පමණ ඒ තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත. නිරෝධායනයට යොමු කර ඇති සෙබළුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්‍රතිඵල ඉදිරියේදී ලැබීමට නියමිතයි. මේ අතර කටුනායක ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්ෂක බළකා දෙපාර්තමේන්තුවේ කාර්යලයක් ද තාවකාලිකව වසා දමා තිබේ. එම කාර්යාලයෙන් ද කොවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමග එහි සේවය කරන පුද්ගලයින් 30දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර ඇත.
 

More News..