brand logo

සිවාජිලිංගම් පක්ෂයෙන් ඉවත්වෙයි

03 November 2019

ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන එම්.කේ.සිවාජිලිංගම් මහතා එම සන්ධානයේ සහ ටෙලෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. අද (3)වනදා ලිපියක් යොමු කරමින් සිවාජිලිංගම් මහතා තම තීරණය පිළිබද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ ලේකම් ශ්‍රීකාන්තා වෙත මේ බව අවධාරණය කොට ඇත. තමන් ජනපතිවරණය සදහා තරග කිරීම මුල් කරගනිමින් තමාට එරෙහිව පක්ෂයට පටහැනිව කටයුතු කීරීමේ චෝදනාවක් එල්ල කර විනය ක්‍රියාමාර්ගයක් ගෙන තිබීම මත තමාම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව ඔහු විසින් පක්ෂය වෙත යොමුකර ඇති ලිපියේ සදහන් කර ඇත.
 

More News..