brand logo

සිරකාරියක් බන්ධනගාර බසය දෙවනත් කරයි

20 August 2018

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියක් වෙනත් ස්ථානයකට මාරු කර යැවීමේදී බන්ධනාගාර බස් රථය බොරැල්ල මංසන්ධියට ආසන්නයේ නතර කල අවස්ථාවේ තමන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට විරෝධය පාමින් බස් රථය දෙවනත් කරමින් කෑ ගැසීය. බස් රථයේ ජනේල වලට පහර දෙමින් මෙම රැඳවිය කෑගැසූ අතර මාධ්‍ය මගින් බන්ධනාගාරයේ සිදුවන අසාධාරණයන් ප්‍රචාරය කරන්නැයි අසල සිටි මාධ්‍යවේදින්ගෙන් කෑ මොර දෙමින් ඉල්ලා සිටියේය. මෙම රැඳවිය රැගෙන යන මොහොත වන විට වැලිකඩ බන්ධනාගාරය තුල තවත් කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබුණි. මෙතෙක් එම විරෝධතාවට හේතුව වාර්තා වී නැත. වැඩි දුර තොරතුරු බලාපොරොත්තු වන්න. වීඩියෝ දර්ශනය පහළින්
 

More News..