brand logo

සිරකරුවන් සිව් දෙනෙකු දොරකඩා පැනයාමට තැත්කරලා

29 November 2020

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළා යෑමට තැත්කළ සිරකරුවන් සිව් දෙනෙකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ. අද (29) අලුයම සිදුවීම සිදුවී ඇති බව පැවසේ. මහනුවර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝදායන ඹධ්‍යස්ථානයේ කුටියක රඳවා තබා සිට ඇති අතර දොර කඩා දමා පිටටතට පැමිණ බන්ධනාගාරයේ එළිමහන් ප්‍රදේශයට පැමිණ තිබෙන බව වාර්තාවේ. සිදුවීම සිදුවනවත් සමග ක්‍රියාත්මක වූ නිලධාරීන් අහසට වෙඩි තබා පිරිස පාලනය කර ඇති බවද වාර්තා වේ. එසේම පසුගිය දිනෙක රැඳවියන් තිදෙනෙක් බන්ධනාගාර තාප්පයෙන් පිටතට පැන පළා යෑමට උත්සහ කළ කර තිබෙන අතර තාප්පයෙන් ඇදවැටීම නිසා එක් අයෙක් මරණයට පත්වී තිබුණා. සිදුවීම් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් සිදුකරන බව වාර්තාවේ.
 

More News..