brand logo

සිය ගනුදෙනුකරුවන් අතටම මුදල් ලබාදීම වෙනුවෙන් සම්පත් බැංකුව, PickMe සමග අසමසම සේවාවක් අරඹයි

25 April 2020

සම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන් අතටම මුදල් ලබා දීමේ පහසුකම සලසා දීම වෙනුවෙන් සම්පත් බැංකුව පසුගියදා PickMe Digital Mobility Solutions Lanka (PVT) Ltd සමග එක්ව තවත් සුවිශේෂී මූල්‍ය සේවාවක් දියත් කරනු ලැබීය. ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ මෙතෙක් අත් නොවිඳි නව්‍ය මූල්‍ය විසඳුමක් වන මෙය, ගනුදෙනුකරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සැලකිලිමත් වන සම්පත් බැංකුවේ කාලීන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් වූ ප්‍රයත්නයක් ලෙස පෙන්වා දිය හැකිය. දැනට ක්‍රියාත්මක ඇඳිරිනීති තත්ත්වය සමග බොහෝ ශ්‍රී ලාංකිකයන් සතුව ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් නොමැති අතර මෙම සුවිශේෂී මූල්‍ය විසඳුම තුළින් COVID-19 අවදානමෙන් ජනතාව ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ මුදල් අවශ්‍යතාවන්ද සපුරාලීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. එසේම ජනතාවට සහනයක් වෙමින් මෙහිදී අය කරනු ලබන බැංකු ගාස්තු 50%කින් නිදහස් කිරීමටද සම්පත් බැංකුව පියවර ගෙන තිබීම විශේෂත්වයකි. ඕනෑම ගනුදෙනුකරුවකු හට තමන්ගේ නිවසටම මුදල් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ සම්පත් විශ්ව සේවාව සහ PickMe සේවාව වෙත පිවිසීම පමණකි. පහසු පියවර කිහිපයක් අවසානයේ ගනුදෙනුකරුවන් හට Mobile Cash ගනුදෙනුවක් නිර්මාණය කර ගැනීමෙන් පසු PickMe සේවාව වෙත පිවිස එහි යටතේ ඇති I want to receive යන්න තෝරාගෙන Cash from ATM ක්ලික් කරන්න. ඉන් පසුව සම්පත් බැංකුවෙන් ගනුදෙනුකරු වෙත කෙටි පණිවිඩයක් එවනු ලබන අතර ගනුදෙනුකරු විසින් අදාළ PickMe රියදුරු වෙත කෙටි පණිවිඩය යොමු කළ යුතුය. PickMe රියදුරු ගනුදෙනුකරු විසින් ඉල්ලුම් කළ මුදල් ඔහුගේ අතටම ලබා දෙනු ඇත. එහිදී මුදල් ලබා ගත් රිසිට් පත සමග ගනුදෙනුකරු වෙත මුදල් ලබා දීමෙන් පසු, කිසිදු ගැටලුවකින් තොරව තමන් අතට මුදල් ලැබුණු බවට පාරිභෝගිකයා සහතික කළ යුතුය. ගනුදෙනුකරු විසින් PickMe රියදුරු වෙත මුදල් ගෙවා PickMe සේවාව හරහා සේවාවෙහි තත්ත්වය පිළිබඳව ඇගයීමක් ලබා දීමෙන් පසු ගනුදෙනුව සම්පූර්ණ වේ. මෙහිදී ඇතිවන යම් ප්‍රමාදයක් හෝ තමන් වෙත ලබා දුන් මුදල ඉල්ලුම් කළ මුදල හා නොගැළපේ නම් ගනුදෙනුකරු හට 1331 යන PickMe පාරිභෝගික සහායක අංකයට හෝ 011 2303050 යන සම්පත් බැංකු පාරිභෝගික සේවා අංකයට අමතා අදාළ ගැටලුව විසඳා ගත හැකිය. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සහ රූප රාමු මගින් සිදු කරන මඟ පෙන්වීම් https://www.sampath.lk/en/personal/electronic-banking/sampath-mobile-cash#doorstep-cash-delivery වෙතින් ලබා ගත හැකිය.
 

More News..