brand logo

සියලු වාහන හිමියන්ට අසුබ ආරංචියක්

22 September 2021

අවම වියදමකින් වාහනයක් පාරට දාගන්න තිබ්බ අන්තිම අවස්ථාවත් නැති වේ

තුන්වන පාර්ශ්වයේ වාහන රක්ෂණ ( Third Party Insurance)මගින් අය කළ බදු වැඩි කීරීමට රජය ගත් තීරණයත් සමගම සියලුම වාහන සඳහා වන තුන්වන පර්ශ්වයේ රක්ෂණ සඳහා වන මිල ඉහළ යෑමක් සිදුවනු ඇත.

බදු ඉහළ දැමීමත් සමග සිදු විය හැකි වෙනස් කම් පිළිබඳ රක්ෂණ සමාගමකින් අප කළ විමසීමේදී එහි නියෝජිතයකු සඳහාන් කළේ ආණ්ඩුව සිය ආයතන මගින් අය කරන බද්දේ බර අවසානයේදී පාරිභෝගිකයාට දරන්න වනු ඇති බවයි.

මාර්ග ආරක්ෂණ අරමුදල ට අය කළ 1%ක් වූ බදු මුදල 2 %දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් තීරණය කළා. එයට අදාල අති විශේෂ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් වී ඇත. එම ගැසට් නිවේදනයට අනුව මෙම වර්ෂයේ ඔක්තෝම්බර් පළමුවැනිදා සිට මෙම බදු වැඩිවීම ක්‍රියාත්මකයි.
 

More News..