brand logo

සියලු දේශපාලන පක්ෂ නායකයින් ජාතික මැතිවරණ කොමිෂමට කැඳවයි

29 November 2019

ලබන 04 වනදා සියලු දේශපාලන පක්ෂ නායකයින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත. එදින පෙරවරු 10.00 ට එම කැඳවීම කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. ඉදිරි මහ මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් එහිදී සාකච්ඡා කිරිමට නියමිතව ඇති අතර ජනාධිපතිවරණවලදී අපේක්ෂකයින්ගෙන් අය කරන ඇප මුදල් සංශෝධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ඒ සඳහා පක්ෂවල එකඟතාව ලබා ගැනීම මෙම සාකච්ඡාවේ තවත් අරමුණක්ය.
 

More News..