brand logo

සියලු ජාතීන්ට සමව සලකනවා - අගමැතිගෙන් ප්‍රකාශයක්

23 August 2020

  සියලු ජාති ආගම් සම සේ සැලකීමටත් එමෙන්ම බුදු දහම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබාදී තිබෙන ස්ථානය ආරක්ෂා කිරීමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කර සිටිනවා. මේ බව අග්‍රාමාත්‍යවරයා වයඹ පළාතේ මහ සඟ සමුළුවට සහභාගී වෙමින් ප්‍රකාශ කර ඇත. අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය පාලනය කරන්නේ මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසන මධ්‍යයේ බවයි. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තමාට විශිෂ්ඨ ජයක් ලබාගැනීමට එම දිස්ත්‍රික්කයේ ස්වාමින්වහන්සේලා කළ කැපවිමට ද අගමැති වරයා කෘතඥතව පලකර ඇත.
 

More News..