brand logo

සියලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපති උපදෙස් දෙයි

11 February 2020

හඳුනාගෙන ඇති සමස්ත ඉඩම් ඒකක සංඛ්‍යාව මිලියන 14කි. ගත වූ විසි වසරක කාලයේ දී ඉන් 10% ක ප්‍රමාණයක් මිණුම් කර තිබේ. මෙතරම් විශාල කාලයක් ගත නොකර ඉතිරි 90% කඩිනමින් මිණුම් කර අවසන් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපුරාදිමට පියවර ගන්නා බව ද පැවසිය. නිසි මිණුම්කරණයෙන් පසු සියලු ඉඩම් ඒකක සඳහා හිමිකම් සහතික පත්‍ර ලබාදීමට පියවර ගන්නා ලෙස ද ඊයේ(10) පස්වරුවේ ජනාධිති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපතිතුමා ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරින්ට දැනුම් දුන්නේය. හවුල්, ආරවුල් සහ මායිම් නැති ඉඩම් මේ යටතේ නිරවුල් කෙරේ. නවීන මැණුම් උපකරණ, ඩ්‍රෝන කැමරා ඇතුළු තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගි කර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් හිඟය පියවීමේ දී අලුතින් බඳවා ගන්නා උපාධිධාරින් යොදා ගැනීමේ හැකියාව මෙහිදී සලකා බලන ලදි.  
 

More News..