brand logo

සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක්

21 February 2019

ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පවසයි. අධිවේගී මාර්ගවල දැනට ක්‍රියාත්මක වන මුදල් මගින් ගාස්තු ගෙවීම ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දක්වා වැඩි දියුණු කරමින් තිබෙන බවත් 2020 වනවිට සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය. ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වන්නේ කටුනායක අධිවේගී මාර්ගය තුළ පමණක් බව කී ඕපනායක මහතා වඩාත් වැඩිදියුණු කරන ලද ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමක් යටතේ වාසි රැසක් ලැබිය හැකි බව ද සඳහන් කළ අතර ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකම ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල ස්ථාපිත කරන බවත් එම ක්‍රමය භාවිත කරමින් ගෙවීම් කරන මඟීන්ට විශේෂ වට්ටම් ලබාදීමේ හැකියාවක් ඇති බවද ප්‍රකාශ කළේය. එක් අධිවේගී මාර්ගයකින් ඇතුළු වූ පසු අනෙක් අධිවේගී මාර්ගවල මෙම පහසුකම භාවිත කළ හැකි අතර කෙටි පණිවුඩ මගින් ගෙවීම් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය
 

More News..