brand logo

සියලු‍ම වතු රෝහල් රජයට පවරාගනී

07 January 2021

සියලු‍ම වතු රෝහල් රජයට පවරා ගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය. "වතු ආශ්‍රිත සෞඛ්‍ය ආයතන වතු සමාගම් යටතේ පවතින නිසා ඉඩම් අත්පත්කර ගැනීමකින් තොරව සංවර්ධනය කිරීමට නෛතික බාධාවක් පවතී. මේ සියලුම වතු රෝහල් කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගැනීමට අපි කටයුතු කරනවා. වෛද්‍යවරයෙක් හදන්න අවුරුදු 5ක් විතර යනවා. ඒ නිසා මට එකපාරටම වෛද්‍යවරු හදන්න අමාරුයි. පවතින රෝහල්වලට වෛද්‍යවරු දෙන්නෙක් දාන්න පුළුවන් නම් හොඳයි. වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයක් ලංකාවේ තියෙනවා." යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..