brand logo

සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය ධූර වලින් ඉල්ලා අස්වෙයි

03 June 2019

රජයේ අමාත්‍ය ධූර දරණ සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය ධූර වලින් ඉල්ලා අස්වන බවට මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර දරණ සියලුම මුස්ලිම් අමාත්‍යවරු ඉල්ලා අස්වී ඇත. කෙසේ නමුත් ඔවුන් සිය ධූර වලින් ඉල්ලා අස්වූවත් පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස රජය නියෝජනය කරනු ඇත. මෙලෙස ඉල්ලා අස්වූ අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් වේ... ෆයිසාල් කාසිම් - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය රවුෆ් හකීම් - නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය අබ්දුල් හලීම් - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය කබීර් හෂීම් - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අබ්දුල්ලාහ් මහ්රූෆ් - වරාය හා න‍ාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්. එම්. හරීස් - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රිසාඩ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය සෙය්යිඩ් අලී සාහීර් මවුලානා - සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අමීර් අලි සිහාබ්දින් - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
 

More News..