brand logo

සියලුම බස් සංගම් අඛණ්ඩ වර්ජනයකට සූදානම් වෙයි

06 January 2021

මෙරට සියලුම බස් රථ සංගම් ඒකාබද්ධ අඛණ්ඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. අද නාරාහේන්පිට ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පෙ$ද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මේ බව පැවසීය. ඒ අනුව ලබන 18 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවීමට එම සංගමය තීරණය කර ඇත. බස් කර්මාන්තයේ නියැලෙන පිරිස් මුහුණ දෙන ගැටළුවලට රජයෙන් කිසිදු විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අංජන ප්‍රියන්ජිත් මහතා සදහන් කරයි. ඔහු සදහන් කළේ රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් සටහන්පත් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර ඇති බවයි. ලබන 15 වනදා වන විට මෙම ගැටළුවලට විසදුම් නොලැබුණහොත් ලබන 18 වනදා සිට වර්ජනය ආරම්භ කරන බව අංජන ප්‍රියන්ජිත් මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..