brand logo

සියලුම පාසල් වල භෞතික සම්පත් වල හිගයට කඩිනම් විසදුම්

16 December 2019

දිවයින පුරා පිහිටි පාසල් වල මේ වන විට පවතින භෞතික සම්පත් වල අඩු පාඩුකම් පිළිබඳ කඩිනමින් සොයා බලා ඒවා විසදීමට කටයුතු කරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. ඩෙස් පුටු හිගය පිළිබඳත්, අනිකුත් සියලුම අධ්‍යාපන අවශ්‍යතා පිළිබද කලාප කාර්යාල මගින් නිවැරිදි තොරතුරු ලබා ගෙන එයට විසදුම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ ඉදිරියෙදී සාකච්ඡා කර විසදුමක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා..., මේ වන විට දිවයිනේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති භෞතික සම්පත්වල ගැටළු පිළිබඳ අපි කඩිනම් හදුනා ගැනීමක් සිදු කරමින් යනවා. සෑම කලාපයකින්ම අපි ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්න සූදානම්. මේ සෑම අඩු පාඩුවක්ම සැකසීමටනම් අපි අධ්‍යාපනයේ ජාතික ප්‍රථිපත්තියක් සැකසිය යුතුයි. නැතිනම් සංවර්ධන වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට නොහැකියි. අපි දරුවන්ගේ මූලික අධ්‍යාපන අවශ්‍යතාවයන් පලමුවෙන්ම හදුනාගෙන සම්පූර්ණ කළ යුතුයි. ඩෙස් පුටු අවශ්‍යතාවය අපි මේ වන විට හදුනා ගැනීම සිදු කරමින යනවා. ඉදිරියෙදී අදියරෙන් අදියර මෙම ගැටළු විසදීමට අපි සූදානම් . මේ සඳහා අවශ්‍ය සියලු ප්‍රථිපාදන හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරනවා.
 

More News..