brand logo

සිනොෆාර්ම් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ගැන ඔබ දන්වාද?

27 May 2021

එන්නත ලබා ගත් හා ගැනීමට සිටින ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු කරුණු මෙන්න

චීනයේ නිෂ්පාදිත සිනොෆාර්ම් (Sinopharm) එන්නත ගැන ලංකාවේ ජන සමාජය තුළ වැඩි කතා බහක් ඇති වී ඇත. ඊට විවිධ හේතු ඇතත් ආසන්නතම හේතුව වී ඇත්තේ මේ වන විට මෙරට ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකට එන්නත් කර ඇති හා එන්නත් කළ හැකි එන්නත ලෙස සිනොෆාර්ම් නම කියවීම නිසයි.

සිනොෆාර්ම් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මොනවා ද? එන්නත ලබා ගැනීමට පෙර ඔබ ලබා ගන්නා එන්නත ගන දැනුවත් කිරීමේ අරමුණින් අප මේ ගැන කතා කිරීමට හිතුවා.

සිනොෆාර්ම් එන්නත

  • සිනොෆාර්ම් ලබා දීම නිර්දේශ කර ඇත්තේ වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා පමණි. ශ්‍රී ලංකාව තුළ දැනට සයිනොෆාර්ම් එන්නත ලබා දෙන්නේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ටය.
  • සිනොෆාර්ම් එන්නතෙහි මාත්‍රාව වෙනත් කොවිඩ්-19 එන්නත් සමඟ මිශ්‍ර කර ගැනීමේ හැකියාව පිළිබඳ දත්ත නොමැත. ඒ හේතුවෙන් මාත්‍රා දෙකටම එකම නිෂ්පාදනයක් භාවිතා කිරීම නිර්දේශ කරයි. කෙසේනමුත්, ලොව පුරා සිදුවන පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම නිර්දේශ පසුව වෙනස් විය හැකිය.
  • මෙම එන්නතේ අක්‍රීය SARS-CoV-2 ප්‍රතිදේහජනක සහ පොස්පේට්-බෆර්ඩ් සේලයින් (PBS) හා ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අඩංගුය.
  • නිර්දේශිත මාත්‍රාව - මාංශ පේශි (ඉහළ හස්තය) තුළින් ශරීර අභ්‍යන්තරව ලබා දෙන මාත්‍රා දෙකකි (මිලි ලීටර් 0.5). මාත්‍රා දෙක අතර සති 3-4 ක කාල පරතරයක් නිර්දේශ කරයි.
  • එන්නත සම්බන්ධයෙන් පවතින සැපයුම් ගැටලු හේතුවෙන් සෞඛ්‍ය සේවකයින් සහ වෙනත් රෝග ඇති පුද්ගලයන්, වැඩිහිටියන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.
  • උග්‍ර උණ රෝගයකින් පෙළෙන ඕනෑම අයෙකු (ශරීර උෂ්ණත්වය 38.5 C ට වඩා වැඩි) එන්නත් කිරීම පසුවට කල් දැමිය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සහ වෙනත් දරුණු රෝග ඇති පුද්ගලයන් සඳහා ද නිර්දේශ කර ඇත.

  • එන්නත ලබා ගැනීම නිසා ගැබ් ගැනීම ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
  • ගර්භනී කාන්තාවන් සඳහා ද මෙම එන්නත ලබා දීමේ ගැටලුවක් නොමැති නමුත්, මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නිර්දේශ කරයි.
  • අනෙකුත් වැඩිහිටියන්ට සමානවම මව්කිරි දෙන කාන්තාවන් සඳහාද එන්නත භාවිත කිරීම සුදුසුය. එමෙන්ම එන්නත ලබා දීම නිසා මව්කිරි දීම අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි.
  • ඔබට මින් පෙර කොවිඩ්-19 වැළඳී තිබුණත් ආසාදන ඉතිහාසය නොසලකා එන්නත ලබා ගැනීමට හැකිය.
  • කොවිඩ් 19 වැළඳී සුවය ලැබීමෙන් පසුව සහ හුදකලා වීම අත්හිටුවීමේ නිර්ණායක සපුරා ගෙන PCR පරීක්ෂණයකින් තහවුරු කරන තෙක් අදාළ පුද්ගලයින්ට එන්නත ලබා නොදිය යුතුය.
  • එන්නත ලබා දීමෙන් පසු කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය තක්සේරු කිරීමට ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම දැනට නිර්දේශ නොකරයි.
(මූලාශ්‍ර: ලෝක සෞඛ්‍ය සංවිධානය)
 

More News..