brand logo

සිනී නිසා ලංකාවේ තේ පිටරට දී තිත්ත වෙයි

29 July 2019

ලංකාවේ පිරිසිදු තේ නිෂ්පාදනයේ දී තේ වලට සීනි මිශ්‍ර කිරීමේ ජාවාරමක් නිසා ලංකාවේ තේ ලෝක තේ වෙළෙද පොලෙන් ඉවත් වීමේ ඉතා බරපතල තත්ත්වයක් මතුව තිබේ. මෙය සමහර තේ කර්මාන්ත ශාලාවල මේවන විට මහා පරිමානයෙන් ක්‍රියාත්මක වේ. මේ අනුව සිනී නිසා ලංකාවේ තේ පිට රට දී තිත්ත වී තිබේ. ලෝක තේ වෙළඳ පලේ ප්‍රවනතාවය හා තේ කර්මාන්තයේ නව මානයන් මෙන්ම තේ කර්මාන්තයට බලපාන රසායනික අවශේෂ පිළිබඳව අදහස් දක්වන එල්. එස්. කේ. හෙට්ටිආරච්චි මහතා ග්ලයිපොසෙට් තහනම හේතුවෙන් තේ කාර්මාන්තකරුවන් වල් මර්දනය සඳහා වෙනත් රසායනික දව්‍ය යොදා ගෙන තිබේ. තේ අපනය කිරිමේදි තේ සාම්පල්වලින් සොයා ගන්නා ලද එවැනි රසායනික අවශේෂ හේතුවෙන් ලංකාවට ලෝක වෙළඳ පලේ තවත් අවදානම් තත්ත්වයන්ටද මුහුණ දිමට සිදුව තිබේ. මෙයට අමතරව,සමහර තේ කර්මාන්තකරුවන් තේ කර්මාන්ත ශාලාවල තේ නිෂ්පාදනය කරන විට දී සිනි මිශ්‍ර කිරීම හේතුවෙන් තේ අපනයනයේ දී මතුවන ගැටළු ඇති වී ඇති බව,තලවාකැලේ ශ්‍රි ලංකා තේ පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එල්. එස්. කේ. හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසයි. නිමල් අල්ගෙවත්ත
 

More News..