brand logo

සිනමා කර්මාන්තය වසර දෙකකට විනෝද බද්දෙන් නිදහස්

11 January 2021

සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සදහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණයකට අනුව මෙම සහනය හිමිවනු ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව මුළු දිවයිනටම බලපාන පරිදි 2021 වසරේ සිට 2022 වසර දක්වා මෙම බදු සහනය ක්‍රියාත්මක වේ. එමෙන්ම 2023 වසරේ සිට සිනමා කර්මාන්තයට අදාළ විනෝද බද්ද 7.5%ක් දක්වා අඩු කිරීමට ද අනුමැතිය හිමිව ඇත.
 

More News..