brand logo

සිනමා කර්මාන්තයට බදු සහන ලබාදේ

14 January 2021

    දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබාදී, පසුගිය යහපාලන රජය විසින් අවලංගු කළ බදු සහන නැවත ලබාදීමට තීරණය කර ඇත. පසුගිය 8 වනදා සිනමා කර්මාන්තයේ නියැලි වෘත්තිකයන් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී කරන ලද ඉල්ලීම් වලට අනුව' මුදල් අමාත්‍යංශයේ ඊයේ (13) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මේබව සඳහන්වේ. එසේම චිත්‍රපට නිෂ්පාදනය සහ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා භාවිතා කරන උපකරණ ආනයනය කිරීමේදී තීරු බදු සහන ලබා දී ඇත. තවද චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහන දීමට ද මෙම සාකච්ඡාවේදී සලකාබලා තිබේ. ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ට චිත්‍රපට සංස්ථාව ඔස්සේ ඉල්ලුම් කිරීමෙන් රජය විසින් ලබාදෙන මෙම බදු සහන නැවත ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
 

More News..