brand logo

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරු ව්‍යාපාරික උළෙලකදී සම්මානයකුත් අරගෙන

25 April 2019

පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉල්හාම් ඉබ්‍රාහීම් ෂැන්ග්‍රිලා හෝටලය තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකල බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වන අතර ඉන්ශාෆ් ඉබ්‍රාහීම් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බය ප්‍රහාරය සිදුකල බවට තොරතුරු වාර්තා වෙයි. එම ප්‍රහාරවලින් විදේශිකයන් 41 දෙනකු මරණයට පත් වුනු අතර ඊට බ්‍රිතාන්‍ය ජාතිකයන් 08ක් ඇතුළත්. ඉල්හාම් ඉබ්‍රාහීම් සහ ඉන්ශාෆ් ඉබ්‍රාහීම් දෙමටගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයින් දෙදෙනෙකු වන අතර එම ව්‍යාපාරිකයා, ව්‍යාපාරික සම්මාන උළෙලෙකදී සම්මානයට පාත්‍ර වී ඇති අතර එම සම්මානය ලබාගැනීමට අදාළ ව්‍යාපාරිකයා ගොස් ඇත්තේ ඉන්ශාෆ් ඉබ්‍රාහීම් නමැති මරාගෙන මැරෙන බෝම්බකරු සමගය. ව්‍යාජ නමක් සදහන් කරමින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ඉන්ශාෆ් ඉබ්‍රාහීම් ඇතුළු වී ඇත. ඔහු හෝටලයට ඇතුළු වී උදෑසන ආහාර ගනිමින් සිටි පිරිස දෙස විපරමින් බලා සිට ආහාර ගැනීමට පුටුවකින් වාඩිවෙන සේ ඉදිරියට සහ පසුපසට අඩි කිහිපයක් ගොස් මිනිත්තු කිහිපයකට පසුව බෝම්බය පුපුරුවාගෙන ඇත.
 

More News..