brand logo

Update - දිවයිනේ ස්ථාන 8ක සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 228 දක්වා ඉහළට

21 April 2019

පාස්කු ඉරිදා වන අද (21)දින කොච්චිකඩේ , කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන අටක සිදු වූ පිපිරීම් වලින් මේ වනවිට පුද්ගලයන් 228දෙනකු මිය ගොස් 470කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ඒ අනුව රාගම රෝහලේ මළ සිරුරු 07 ක්, මඩකලපුව රෝහලේ මළ සිරුරු 26 ක් සහ කොළඹ ජාතික රෝහලේ මළ සිරුරු 47 ක් මේ වනවිට තැන්පත් කර ඇති බව වාර්තා වන අතර මීගමුව රෝහලේ මේ වනවිට මල සිරුරු 111 ක් තැන්පත් කර ඇත.. එමෙන්ම දෙමටගොඩ ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වි ඇත. අද උදෑසන කොළඹදී සිදුවූ පිපිරීම්වලින් මියගිය අය අතර විදේශිකයින් 27දෙනෙකු සිටින බව ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

--------------------------------------------------------------------------------------------------

Update - දිවයිනේ ස්ථාන 6 ක සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 185 දක්වා ඉහළට

තුවාල තුවාල ලැබු පිරිස 469 කි.ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවේ, මියගිය 46 දෙනෙකුගේ සිරුරු රෝහලේ තබා ඇති බවයි
සිදුවූ පිපිරීම් වලින් 138 දෙනෙකු මරුට - 402කට තුවාල කොළඹ කොච්චිකඩේ, මීගමුව, කටුවපිටිය සහ මඩකලපුව දේවස්ථාන 03ක් ඇතුළු ස්ථාන 6 ක අද උදෑසන සිදු වු පිපිරීමකින් පුද්ගලයින් රැසක් තුවාල ලැබුවේය. කොළඹ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ද බෝම්බ පුපුරා තිබු අතර මඩකලපුව ප්‍රදේශයේද පිපිරීමක් සිදුවූ බවට වාර්තා විය. මෙම සිදුවීම් අද උදෑසන 8.45ට පමණසිදු වූ අතර මේ වන විට පුද්ගලයින් 138 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 402 කු තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. මිය ගිය අය පිරිස් අතර, දෙස් විදෙස් පුද්ගලයින් රැසක් සිටින බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.එම පිපිරීම්වලින් පුද්ගලයින් 243කට අධික පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඉන් පුද්ගලයින් 42 ක් මිය ගොස් ඇති අතර 201 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබන බවට වාර්තා වෙයි. මේ අතර කටාන කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 110 දෙනෙකු පමණ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද අධ්‍යක්ෂවරයා පැවසීය. මඩකලපුව දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 67 දෙනෙකු මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අනිල් ජාසිංහ මහතා පැවසීය. එමෙන්ම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ඇතුළත් කළ පිරිසෙන් පුද්ගලයින් 7 ක් මිය ගොස් ඇත. එහි පුද්ගලයින් 24 ක් තුවාල ලබා සිටින බව ද වාර්තා වෙයි.
 

More News..