brand logo

සිද්ධාර්ථ ආදර්ශයට ගෙන අධ්‍යාපනයේ බලය අත්හරිනවා

30 December 2019

සිද්ධාර්ථ කුමාරයා සියල්ල අත හැරියාක් මෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති බලයද තමන් අත්හරින බව ඇමැති ඩලස් අලහප්පෙරුම ‘අරුණ’ට ප්‍රකාශ කළේය. අධ්‍යාපන ඇමැතිවරයා සතු බලතල විමධ්‍යගත කිරීමට තමන් සූදානම් බවද ‌මෙහිදී පැවැසුවේය. මෙතෙක් කාලයක් පාසල්වල පළමු ශ්‍රේණිවලට ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේදී සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගත් සිසුන්ගේ ලේඛන අමාත්‍යාංශය අනුමත කළ යුතු වුණා. ඒ වගේම 2,3,4,5 ශ්‍රේණිවලට ළමයින් ඇතුළත් කිරීමේදී ඉසුරුපායෙන් ලිපියක් රැගෙන ආ යුතුව තිබුණා. මෙතෙක් කල් එය අධ්‍යාපන ඇමැතිගේ අතේ තිබූ බලයක් විදියටයි තිබුණේ. නමුත් ඉදිරියේදී 2, 3, 4, 5 ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී බලතල ඇතත් එම බලය පාසලේ විදුහල්පතිවරයාට භාර දෙනවා යැයි අධ්‍යාපන ඇමැතිවරයා පැවැසීය. එම සිසුන් මණ්ඩලයක් හරහා තෝරා ගෙන අමාත්‍යාංශය සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය. වරුණි පෙරමුණ
 

More News..